තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හය දෙනෙකකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින ත්‍රිතුණාමලය, සාම්පුර් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිතුණාමලය, සාම්පුර් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු (6) නාවික හමුදා භාරයට ගෙන ඇත.එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක් ,ඩිංගි යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න කිහිපයක් සොයාගෙන ඇති අතර, එම ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා සම්පුර්, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.