කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 12) අළුයම යාපනය, කීරමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය කීරමලේ ප්‍රදේශය ආශිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, මෙම කේරළ ගංජා ‍තොගය මුහුදු මඟින් මෙරටට රැ‍ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන අතර, නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා තොගය සැක කරුවන් ඉදිරි විමර්ශන කටයුතු සදහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්‍වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.