තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු 04 වන දින උදැසන පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත වයඹ නාවික විධානය භාර ආඥාපති ගේ අධික්‍ෂණය යටතේ වයඹ නාවික විධානයට අයත් සියළුම ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය සහභාගීත්වය සහ පූර්ණ දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, මෙම වාර්ෂික දේවා මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දක්වනු ලැබූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් දේවාස්ථානය භාර පූජකතුමන් සහ බැතිමතුන් නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටියහ. තවද, මෙවැනි ආගමික වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය උපරිම දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.