කොමාණ්ඩර් නිමන්ත තිසේරා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) නිමන්ත තිසේරා 2019 ජූලි 17 වන දින වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (අවි) හේමන්ත රණසිංහ විසින් කන්කසන්තු‍රේ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ අංක 1 ජැටිය පරිශ්‍රයේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් ඉන්දික ගුණවර්ධන සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.

assets/images/news/event_news/front_img/201907181130.jpg