බිඩී කොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 17) අළුයම යාපනය, මණ්ඩතිව් හන්දියේදී නීති වි‍රෝධි ලෙස බිඩී කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, මණ්ඩතිව් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදී සැක කටයුතු ලොරි රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී පාර්සල් 44 අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 1359 ක් සහ පාර්සල් 31 ක අසුරා තිබු දුම්කොළ කිලෝග්‍රෑම් 1034 ක් සමඟ මෙම පුද්ග‍ලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම බිඩී කොළ සහ දුම්කොළ තොගය කයිට්ස් සිට යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 37 සහ 47 වන වියෙහි පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, බිඩී කොළ සහ දුම්කොළ තොගය සහ ලොරි රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දිමට නියමිතය.