උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය අද (ජූලි 17) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මුදිත ගමගේ විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයේ පිහිටි උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය වෙත භාර දීම සිදු කෙරිණි. උතුරු මැද නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උතරු මැද නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් මුදිත ගමගේ තව නොබෝ දිනකින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.