නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල අනුරාධපුර භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශ‍යේ නව කාර්යාලය ජනතා අයිතියට

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද නව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ප්‍රාදේශීය කාර්යාල අද (2019 ජූලි 17) ජනතා අයිතියට පත් කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද නව භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, ආර්එම් වන්නිනායක මහතා ගේ සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණි. මේ සඳහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් සපයන ලද අතර, මේ සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් දක්වන ලද සහයෝගය අගය කරනු වස් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නාවික හමුදාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති, අසේල ඉද්දවෙල මහතා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සීඑච්ඊආර් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා සහ භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් මෙන්ම නාවික පුද්ගලයින් පිරිසක් සහභාගි වී සිටියහ.