මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම, පොලිසිය එක්ව 2019 ජූලි 16 වන දින මන්නාරම නගරයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව මන්නාරම නගරයේ ආශ්‍රිතව යොදා ඇති මාර්ග බාධකය අසලදී සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂා කර ඇති අතර, ඔහු ලඟ තිබි කේරළ ගංජා ග්‍රැම් 300 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය විකිණීම සහ ලඟ තබා ගැනීම වැනි කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව මේ වන විටත් විශාල දායකත්වයක් ලබා දී ඇත.