මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ නිලධාරින් රාජාංගණය සහ සීගිරිය යන ප්‍රදේශයන්හිදී 2019 ජුලි 14 සහ 15 යන දෙදින මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශනයන් පවත්වන ලදී.

ඒ අනුව, ‘දැහැමි පරපුරක් මතින් නිදහස් රටක්’ යන තේමාව යටතේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘විදුල’ ළමා ගුවන් විදුලි වැඩසටහන සහ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ක‍ර්ය්‍ය සාධක බලකාය එක්ව 2019 ජූලි 14 වන දින රාජාංගණය, යාය 08, ශ්‍රි දක්‍ෂිණාරාම විහාරස්ථානයේ සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ දේශන නාවික හමුදා මනෝ උපදේශන නිලධාරීන් විසින් පවත්වන ලදි.

එමෙන්ම, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ක‍ර්ය්‍ය සාධක බලකාය හා නාවික හමුදාව එක්ව 2019 ජූලි මස 15 වන දින සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් සිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති අතර, ඒ සඳහා ගුරුවරුන් මෙන්ම ළමුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

මෙම වැඩසටහන් වලදි ‘දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව’ පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කරන ලදී.

තවද, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත මනෝ විද්‍යා උපදේශන නිලධාරින් ඇතුළු නාවිකයින් විසින් මෙම වැඩමුළුවල දේශන පවත්වන ලද අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් දිපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි දේශන සහ වැඩමුළු වලින් මතින් තොර සාමාජයක් බිහි කිරීම අපේක්‍ෂා කෙරේ.


ශ්‍රි දක්ෂණාරාම විහාරස්ථානයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන


සිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන