හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරීන් එක්ව 2019 ජූලි 15 වන දින නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී විෂ්කම්භය මිලිමිටර් 70 ට අඩු හක්බෙල්ලන් 3212 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිනීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිනීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.