කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය අද (2019 ජූලි 15) පැවැත්විණි.

ශ්‍රි ලංකාව පුරා සිටින පිළිකා රෝගින්ගේ සැඳෑ කාලය නිදහසේ ගත කිරිම සඳහා ශ්‍රි ලංකා පිළිකා සංගමයේ සහ දානපතියන්ගේ මුල්‍යම දායකත්වයෙන් ඉදිවෙන මෙම මධ්‍යස්ථානය සඳහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් සපයනු ලබයි. ඒ අනුව එහි ඉදිකිරිම් කටයුතු අද ආගමික වතාවත් වලින් අනතුරුව සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්, සෝමරත්න විදානපතිරණ, දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්, රෝහල් අධ්‍යක්ෂක, වෛද්‍ය ජී විජේසුරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පිළිකා සංගමයේ සාමාජිකයින්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි විය.