කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 15 වන දින රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.355 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය යතුරු පැදියක් මඟින් ප්‍රවාහන කරමින් සිටියදි නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වීරපොකුණ සහ මිරිහේනේගම ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 25 සහ 40 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රස්නායකපුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.