නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 14 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ගුරුනගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර, එහිදී, ටීඑන්ටී වර්ගයේ සහ සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.77 ක් සොයා ගෙන ඇත.