උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් 2019 ජූලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ‍ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයෙහි නාවික පුද්ගලයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් එම ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ටෙනිස් පිටිය සහ තලෙයිමන්නාරම, වැලිපර හතරේහි (04) රාජකාරි නියුතු නාවික පුද්ගලයින්ගේ සුභසාධනය ඉහළ නංවනු පිණිස එහි ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මෙන්ම එහි නිලධාරි නිවාසය ආඥාපතිතුමා විසින් මෙලෙස විවෘත කරන ලදී.

එම අවස්ථාව සදහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් නව පත්වීම් ලැබ පැමිණි රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය, උතුරු මැද නාවික විධානයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අණදෙන නිළධාරීන් මෙන්ම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.


ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයෙහි ඉදිකරන ලද ටෙනිස් පිටිය විවෘත කිරීම


මන්නාරම, වැලිපර හතරේහි (04) ඉදිකරන ලද නිලධාරි නිවාසය විවෘත කිරීම


මන්නාරම, වැලිපර හතරේහි (04) ස්ථිපිත කරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම