වේදනා නාශක ඖෂධ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 12 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ත්‍රිකුණාමලය, ගෝපාලපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ වර්ගයක් වන නියුරෝවන් (Neurovan) කරල් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම වේදනා නාශක ඖෂධ කිහිපය නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ක් සහ 27 ක් වන ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ වේදනා නාශක ඖෂධ කිහිපය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.