පුත්තලම නගරයේ ඉඩමක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පුත්තලම නගරයේ ගොඩනැගිලි හා නිවාස වලින් වටවූ අබලි ද්‍රව්‍ය ‍ගොඩගසා තිබූ ඉඩමක 2019 ජූලි 11 වන දින ඇති වූ ගින්නක් අවට ප්‍රදේශයට ව්‍යාප්ත වීමට පෙර මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

ඒ අනුව, පුත්තලම නගරයේ ගොඩනැගිලි හා නිවාස වලින් වටවූ අබලි ද්‍රව්‍ය ‍ගොඩගසා තිබෙන ඉඩමක ගින්නක් හටගෙන ඇති බව පුත්තලම, ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් කල දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්ණි ආයතනයෙන් ගිනි නිවීමේ රථයක් සහ වතුර බව්සරයක් ඇතුළු ගිනි නිවීමේ කණ්ඩායමක් එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි.

කඩිනමින් එම ස්ථානය වෙත ලඟාවූ නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් එම ගින්න ව්‍යාප්ත වීමට නොදී මුළුමනින්ම නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.