කපිතාන්, සංජීව ප්‍රේමරත්න ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) සංජීව ප්‍රේමරත්න අද (ජූලි 12) දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමල’ නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ශ්‍රීලංකා නාවික නෞකා රංගල ආයතනයේ පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල්ද සිල්වා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.