අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 11 වන දින කල්පිටිය, ශේතවාඩිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් කල්පිටිය, ශේතවාඩිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000 ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික භාරයට පත් මෙම පුද්ගලයා වසය අවුරුදු 40 ක් වන කල්පිටිය, පෙරියකුදිරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා, යතුරුපැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.