හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2019 ජූලි 10 වන දින කල්මුණේ, ඔලුවිල් හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 5.310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කල්මුනේ, ඔලුවිල් හන්දියේදී සිදු කළ සෝදිසි කිරීමකදී යතුරුපැදියකින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු සහ එම යතුරුපැදිය පරීක්‍ෂා කිරීමේදී යතුරුපැදීයේ ෂිට් කවරය යට සඟවා තිබූ පැකට් 05 ක අසුරන ලද හෙරොයින් ග්‍රෑම් 5.310 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අඩ්ඩාලච්චේනයි සහ පාලමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 33 සහ 21 වයසැති පුද්ගලයින් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, යතුරුපැදිය සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්මුණේ, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදීමට කටයුතු කර ඇත.