කේරළ ගංජා ග්‍රෑම් 64 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු(04) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉල්ලවාලෙයි, පොලිසිය සමඟ 2019 ජුලි 10 වන දින යාපනය, මාදගල් ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි නිවසක තිබී කේරළ ගංජා ග්‍රෑම් 64 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ ඉල්ලවාලෙයි, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව මාදගල් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නිවසක් තුල තිබී මෙම කේරළ ගංජා සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් එකම පවුලේ පියා සහ පුතුන් තිදෙනෙකු වන අතර, මොවුන් වයස අවුරුදු 50, 27, 26 සහ 22 වියෙහි පසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ ඉල්ලවාලෙයි, පොලිසිය විසින් සිදුකරනු ලබයි.