මුහුදේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් (04) දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදේ සිදුකළ පරීක්‍ෂාවක් අතරතුර කේරළ ගංජා ලඟ තබාගෙන සිට පුද්ගලයින් සිව් දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් යාත්‍රාව අද (ජූලි 09) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු මුහුදේ ධීවර කටයුතු වල නියැළී සිටි ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරීක්‍ෂාවට ලක්කරන අතරතුර එම යාත්‍රාවේ ධීවරයෙකු සතුව තිබූ කේරළ ගංජා ග්‍රෑම් 83 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, සැකකරු ඇතුළුව එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ධිවර යාත්‍රාව ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි පරීක්‍ෂක කටයුතු සඳහා ගාල්ල, වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.