කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (2019 ජුලි 02) අළුයම ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී සැක කටයුතු පුද්ගලයෙකු ද එහිදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම කේරළ ගංජා තොගය පර්සල් 08 ක අසුරා විකිණිම සඳහා සුදානම් කර තිබූ බවට සැක පල කරන අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.