ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2019 ජුලි 01 වන දින නාවික දියත් විධාන කාර්යාල‍යේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ විසින් ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ පිහිටි නාවික දියත් විධාන කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි. ධජ නිළධාරී නාවික දියත් විධානය ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව නිලධාරිතුමා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නාවික දියත් විධානය වෙත පිළිගත් අතර, හිටපු නාවික දියත් විධාන නිලධාරි වෙත නාවික දියත් විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.