ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ පිරිසිඳු කිරිමේ වැඩ සටහනක් නාවික හමුදාව විසින් සිදුකරයි.

2019 ජුනි 05 වන දිනට යෙදි ඇති ලෝක පරිසර දිනයට සමගාමීව අද (ජූනි 05) දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව ගාල්ල කොටුව අවට වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි.

පරිසරයට සන්වේදි මිනිසුන් බිහිකිරිමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇත. එහි තේමාව වන්නේ “තිරසර වන සන්නාවරණයකින් වායු දුෂණය දුරලමු” යන්නයි.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා රාජ්‍ය සේවකයින්ගේ මැදිහත් විමෙන් පරිසරය සුරක්ෂිත කිරිමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන අතර, අද දකුණු නාවික විධානයට අයත් නිලධාරින් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල කොටුව අවට වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2019 ජුනි මස 05 වන දින සිදු කරන ලදි.