ඇමරිකානු නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධාන ආඥාපති හමුවිය

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූනි 04 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ක්ලාර්ක් කූපර් ඇතුළු හය දෙනෙකුගෙන් (06) සමන්විත දූත පිරිසක් නැගෙනහිර ආඥාපති හමු විය. එහිදි ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නැගෙන හිර ආඥාපති විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ සහකාර ලේකම් වෙත සමරු තිළිණයක් ද පිරිනැමීමට කටයුතු කරන ලදී.