ගාලු කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් සුරතින් විවෘත කෙරේ

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති අතර, එහි නිල වෙබ් අඩවිය අද නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

‘galledialogue.lk’ යන අන්තර්ජාල ලිපිනය (Web address) මඟින් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර, එමඟින් ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය පිළිබඳ සියළුම විස්තරයන් සැකෙවින් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ර්යර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගිවී සිටියහ.