කේරළ ගංජා ගෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 09) මුතුර් ප්‍රදේශ‍යේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා ග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මුතුර් පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලිමකදි මෙම කේරළ ගංජා සමඟ පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 සහ 26 ක් වන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී යතුරු පැදි දෙකක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරු පැදි ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුතුර්, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.