අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, කල්අඩි ප්‍රදේශයේ ඊයේ (මැයි 09) සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් සිදු කරන ලද වැටලිමකදි අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් සිටියදි මෙලෙස මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, ඔවුන් සතුව තිබී ට්‍රැක්ටර් රථයක් සහ වැලි තොගයක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, ට්‍රැක්ටර් රථය සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.