නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) ඩෙල්ෆ්, කර්නී ප්‍රදේශයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි ධිවර දැල් 04 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 37 ක් වන ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

එහිදී, මිටර් 1000 දිගැති නීති විරෝධී ධීවර දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධි ධීවර දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.