බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව අද (මැයි 07) වංකාලේ ප්‍රදේශයේදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලිමකදි වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 720 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බලපත්‍ර රහිතව මෙම මුහුදු කූඩැල්ලන් සිය නිවසේ සඟවා තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37 ක් වන වංකාලේ ‍ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගය සහ පුද්ගලයා වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.