වැදගත් සිදුවීම්
ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘සංකල්ප්’ නෞකාව ගාලු වරායට සේන්දු වෙයි
ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සංකල්ප්’ නෞකාව අද (මැයි 31) සැපයුම් කටයුතු සඳහා ගාලු වරායට සේන්දු විය.
31 May 2019
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
බණ්ඩාරවෙල, පනංගල වැවේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
31 May 2019
නාවික හා සාගරික විද්‍යාපීඨයට නව ටෙනිස් ක්‍රිඩාංගණයක්
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදි කරන ලද නව ටෙනිස් ක්‍රිඩාංගණය අද (මැයි 31) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ සුරතින් විවෘත කරන ලදී.
31 May 2019
ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 30 වන දින කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
31 May 2019
පොඩුවකට්ටු කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික පුද්ගලයින් විසින් 2019 මැයි 30 පොඩුවකට්ටු කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
31 May 2019
කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 29 වන දින හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
30 May 2019
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර ඇත.
29 May 2019
නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි
2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
29 May 2019
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කෙරේ
නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
29 May 2019
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සුදානම
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී.
28 May 2019