වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) පුත්තලම කළපුව ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 10.5 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 26 සහ 30 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න පුත්තලම, ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.