හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සීනෝර් ධීවර වරායේදී හෙරෝයින් මිලිග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සීනෝර් ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 21 වන වියෙහි පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.