වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 07) පුත්තලම, පල්ලිපාසල් තුරෛයි ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
07 Apr 2019
හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් අද (අප්‍රේල් 07) හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
07 Apr 2019
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
07 Apr 2019
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 06) කිලිනොච්චිය, පරන්තන් හන්දියේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
07 Apr 2019
මුහුදේදී රෝගාතුර වූ විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ලිබියාවට අයත් වෙළඳ නෞකාවක් වන කේඑම් වීපා (KM WEIPA) නම් වෙළඳ නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (අප්‍රේල් 07) උදෑසන කටයුතු කරන ලදී.
07 Apr 2019
නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 06) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය මත්පැන් ලිටර් 210 ක් (බැරල් 20) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
07 Apr 2019


