කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 07) පුත්තලම, පල්ලිපාසල් තුරෛයි ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරුපැදියක් මඟින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 21 වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා, යතුරුපැදිය සහ කේරළ ගංජා තොගය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරනු ලබයි.