කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 06) කිලිනොච්චිය, පරන්තන් හන්දියේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 35 ක් වන වයික්කාල් ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කිලිනොච්චිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.