නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 06) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 210 ක් (බැරල් 20) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. තවද, මෙම මත්පැන් අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු බවට සැක පළ කෙරේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.