මුහු‍දේ පාවෙමින් තිබූ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

බටහිර නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් අද (අප්‍රෙල් 06) කොළඹ, ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මුහුදේ පාවෙමින් තිබූ මෘත දේහයක් සොයා ගෙන ඇති අතර, එය පිරිමි පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන ඇත.

ඒ අනුව එම මෘත දේහය කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කොළඹ, වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.