බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් අද (අප්‍රේල් 06) සහාය දැක්වීය. ඇතිවු ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් නාවික හමුදා මුලස්ථානය විසින් බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, එම ගිණි නිවීමේ කණ්ඩායම සඳහා ගිනි නිවිමේ රථයක්, වතුර බවුසර්යක් සහ නාවික පුද්ගලයින් 09 දෙනෙකු ඇතුළත් වූ අතර, යුද්ධ හමුදා ගිණි නිවිමේ කණ්ඩායමක් සහ කොළඹ මහ නගර සභාවේ මෙන්ම කොළඹ වරායේ ගිනි නිවිමේ ඒකකයන්ට අනුයුක්ත නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සමත් විය.