ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 04 කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.