රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 03 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.