උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 05) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 15 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත.

ඒ අනුව, අදාල තහනම් ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.