කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් ශ්‍රිලංනා‍‍නෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් අද (අප්‍රේල් 05) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, කොමාණ්ඩර් සේනක වාහල විසින් ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

කන්කසන්තු‍රේ, ශ්‍රීලංනානෞ උත්තර අංක 1 ජැටිය පරිශ්‍රයේදී එම භාර දීමේ භාර ගැනීමේ උත්සව අවස්ථාව පැවැත්වූ අතර, ඒ සඳහා කොමදෝරු මුහුදු පුහුණු නිලධාරි, කොමදෝරු ප්‍රසන්න අමරදාස ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.