235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී. සාම්පුර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති, කොමදෝරු අනුර කල්දේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික‍ නෞකා විදුර ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක් ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් ඇතුළු විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරුණු අතර, එහිදී 235 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එච්එස්එම් ද සිල්වා හිමිකර ගත් අතර, ආධුනික නැවි ඩබ්ඒඑම් සදරුවන් නාවිකයා සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි ඩීටීකේ ප්‍රේමතිලක නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නැවි ඒඒඑන්එම් අමරසිංහ නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගන්නා ලද අතර, 235 වන බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘රණධීර’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

එමෙන්ම, 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.