නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. තවද. මෙම දුම්වැටි තොගය ‍අ‍ලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නින්දවූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.