තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 19) කල්මුනේ, මරදමුනෙයි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු සහ ඔහු සතුව තිබූ මීටර් 100 ක් දිගින් යුත් තහනම් දැල් 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටපත් පුද්ගලයා සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුනේ, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.