කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 17) අයියකච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් කේරළ ගංජා යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 47 සහ 60 වන වියෙහි පසුවන යාපනය, අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ගංජා තොගය සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරු පැදි ඉදිරි කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.