මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයේ සිදු කළ වැ‍ටලිමකදි මසුන් මැරිමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 27.55 ක් (කූරු 190 ක්) අඩි 35 දිගැති වෙඩි නුලක් සොයා ගෙන ඇති අතර, ඒවා එරක්කන්ඩි සිට පුල්මුඩේ ප්‍රදේශය දක්වා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 23 ක් වන එරක්කන්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා, කැබ් රථය සහ ජෙලට්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.