කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වැලිගම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 17) මාතර, වල්ගම ප්‍රදේශයේ සිදු කළ ‍වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 38 වියෙහි පසුවන මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැලිගම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.