නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 13) රෝදාපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 24, 29, 30, 36 සහ 37 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මසුන් කිලෝග්‍රෑම් 106 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.